you're reading...
INTERVIEW

රාජපක්‍ෂ, ගෝත්‍රික නායකයෙක් – මහින්ද දේවගේ


Image

රාජපක්‍ෂ ආණ්ඩුව ලාංකීය සමාජය බරපතළ දේශපාලන ආර්ථික සහ සමාජ අර්බුදයකට ඇද දමා තිබියදීත්, රාජපක්‍ෂ ආණ්ඩුව පෙරලන්න බැරි ඇයිද යන්න පිළිබදවත්, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ බිහිවීම, වමට වාසියක්ද අවාසියක්ද යන්න පිළිබදවත් සමාජවාදී පක්‍ෂයේ නායක මහින්ද දේවගේ මහතා දැක්වූ අදහක්

විශේෂයෙන්ම පශ්චාත් යුද්ධයෙන් පස්සේ රාජපක්‍ෂ ආණ්ඩුව බරපතළ දේශපාලන ආර්ථික සහ සමාජ අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. බඩුමිල අහස උසට ඉහළ යනවා. රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙන බලවේග බිය ගන්වා තබා ගැනීම සදහා ආණ්ඩුව පුද්ගලයින් පැහැර ගෙන ගොස් අතුරුදන් කරනවා. සමාජවාදී පක්‍ෂය මේ අර්බුදය දේශපාලනිකව තේරුම් ගන්නෙ කොහොමද?

මේ අර්බුදය රාජපක්‍ෂ ආණ්ඩුවේ අර්බුදයකට වඩා ධනපති ක්‍රමය ලෝක පරිමානව මුහුණ දී සිටින,අර්බුදයේ ප්‍රකාශනයක්. ධනපති ක්‍රමය ඉතිහාසය පුරාම නිරන්තර අර්බුදයකට ගමන් කරමින් තිබෙන්නෙ. විශේෂයෙන්ම සමහර වමේ පක්‍ෂ තියනවා. ආණ්ඩුව ඉක්මනින් වැටෙයි. එතකොට වැඩේ හරි කියලා කල්පනාකරන.’සමාජවාදී පක්‍ෂය’ විධියට ආණ්ඩුව ඉක්මනින් වැටෙයි කියලා අපි විශ්වාස කරන්නෙ නැහැ. මේ ආණ්ඩුව, විශේෂයෙන්ම ජනාධිපති රාජපක්‍ෂ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරලා ලබා ගත් යුද ජයග්‍රහනයෙන් පස්සෙ සමාජය තුළ යළිත් තහවුරු වුණා. පැත්තකින් සැලකිය යුතු විදේශ ආයෝජන ප්‍රමාණයක් ආවා. ඒත් විශේෂයෙන්ම විපක්‍ෂයේ බරපතළ බිද වැටීමක් තියෙනවා. රාජපක්‍ෂ තවමත් ස්ථාවරයි. ආණ්ඩුව හෙට වැටෙනවා අනිද්දා වැටෙනවා කියලා ගණන් බැලීම පිළිබද කරන වි ග්‍රහවල කිසිම පදනමක් නැහැ. ආණ්ඩුව හෙට වැටෙනවාද අනිද්දා කියලා තීන්දු කළ හැක්කෙ විශේෂයෙන්ම පංති ව්‍යාපාරය තුළ සහ ආණ්ඩු විරෝධී බලවේග තුළ කොතරමි පළල් නායකත්වයක් විපක්‍ෂයට තියෙනවාද කියන ඒක උඩ විතරයි. එහෙම පදනමක් නැතිව ආණ්ඩු වටිටන්න බැහැ. යුද්ධයෙන් පස්සෙ, ර ටේ බොහෝ අය හිතුවා බඩු මිල අඩු කරයි, සහල ලබා දෙයි, රැකියා අවස්ථා ඇති කරයි කියලා. නමුත් අද ඉතා පැහැදිලියි. ඒ කිසිදෙයක් රාජපක්‍ෂ ආණ්ඩුවට කරන්න බැහැ කියලා. ආණ්ඩුව ස්ථාවරයි කියලා දැන් කියන්නෙ, ආණ්ඩුවට ප්‍රශ්න විසදන්න පුඵවන් නිසා නොවෙයි. ආණ්ඩුවට උද්ධමනය පහළ දාන්න බැහැ. විරැකියාවට උත්තර නැහැ. විශේෂයෙන්ම ජාතික ප්‍රශ්නය සමිබන්ධයෙන් දැක්මක් නැහැ. යුද්ධය සදහා ආණ්ඩුවට උදවි කළ භූගෝලිය බලවතුන් පවා අද ආණ්ඩුවත් සමග විරසක වෙමින් ඉන්නෙ. ගොවි සිංහල බෞද්ධ පදනම යුද්ධයට පෙර වගේම ආණ්ඩුවට තවමත් තියෙනවා. සිංහල බෞද්ධ ජනතාවගේ වීරයා ලෙස රාජපක්‍ෂ තහවුරු වෙලා තියෙනවා. පසුගිය මාස හතර ඇතුළත අයවැයෙන් පස්සෙ රුපියල අව ප්‍රමාණය කිරීම හරහා උද්ධමනය ඉහළ යන්න පටන් අරගෙන තියෙනවා. බරපතළ ලෙස බඩුමිල ඉහළ යෑමක් දකින්න තියෙන්නෙ. ආණ්ඩුව බලයට පත් කළ සමාජ බලවෙග අතරෙ ඉතා ගැඹුරු කළ කිරීමේ තත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ කළකිරුණු බලවෙග වලට යන්න මාවතක් නැහැ. බලන්න විපක්‍ෂයක් නැහැ. ශක්තිමත් වාමාංශික මධ්‍යස්ථානයක් නැහැ. ආණ්ඩුවට එරෙහිව බටහිර බලවතුන්ගේ බලපෑමක් තියෙනවා කියලා අධිරාජ්‍ය විරෝධී මතයක් සමාජ ගත කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධී නැහැ. ආණ්ඩුව ඉන්නෙ අධිරාජ්‍යවාදී සැලැස්මෙ. ආණ්ඩුවට ක්‍රියාවට දමන්නෙ මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවෙ සැලැසුමි. යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩ පිළිවෙල රාජපක්‍ෂ ක්‍රියාවට නගමිනුයි ඉන්නෙ. ඊනියා අධිරාජ්‍ය විරෝධය මත පදනමි වන්න රාජපක්‍ෂ ආණ්ඩුවට කිසිදු පදනමක් නැහැ.

ආණ්ඩුව යුද්ධය දිණුවා වගේ අන්තර් ජාතික වශයෙන් එන බලපෑමි වලට ආණ්ඩුවලට මුහුණ දී ගන්න බැරි වුනොත් ආණ්ඩුව බරපතළ අර්බුදයකට යනවා. විශේෂයෙන් දෙමළ සහ මුස්ලිමි ජනතාවගේ ප්‍රශ්නය ඉස්මත්තට ගත යුතුයි. සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගත් බලවෙග වල පෙළ ගැස්ම එතරම් පැහැදිලි නැහැ. ෆොන්සේකා නිදහස් කර ගත් . සජිත්. කරූ සහ ජවිපෙ වගේ ජාතිකවාදී බලවෙග ඉදිරියේදී එකට එකතු විය හැක. වාමාංශික බලවෙග හමුවෙ මේ මොහොතේ විශාල වගකීමක් පැවරිලා තියෙනවා. අපි විශ්වාස කරන්නෙ නැහැ ආණ්ඩු විරෝධී බලවෙග ඇතුළේ වමට විකල්ප බලවෙගයක් ලෙස ඉස්මත්තට එන්න පුඵවන් කියලා. ජ.වි.පෙ කැඩී වෙන්වූ පෙරටුගාමී පක්‍ෂයේ බිහි වීම මේ මොහොතේ ඉතා වැදගත් .ෆොන්සේකා නිදහස් කරන්නෙ ජාත්‍යන්තර බලපෑමි මත. ෆොන්සේකා නිදහස් කිරීමට තිබුනත්, ඉදිරි කාලයේදී ඔහුව ආණ්ඩුවට එකතු කර ගැනීමේ සැලැස්මක් තියෙන්න පුඵවන්. රනිල් වික්‍රමසිංහ කියෙන්නෙ සජිත්ලාට කරූලාට වඩා දුර දිග බලලා වැඩ කරන ධනපති නායකයෙක්. දෙමළ සහ මුස්ලිමි බලවේග වල ප්‍රශ්නය මේ මොහොතේ ඉක්මනට ගෙන ආවොත් පමණක් ආණ්ඩුව පෙරළන්න පුඵවන් කියලා වික්‍රමසිංහ කල්පනා කරනවා. දකුණේ විකල්පයකින් පමණක් ආණ්ඩුව පරාජය කරන්න බැහැ. දකුණේ බහුතර බලවේග තවමත් ඉන්නෙ රාජපක්‍ෂ ආණ්ඩුව සමගයි. රාජපක්‍ෂ තමන්ට එරෙහිව බලවෙග පාවිචිචි කළා වගේ ඉදිරියේදී ෆොන්සේකාට විපක්‍ෂයට එරෙහිව පාවචිචි කිරීමටත් ඉඩ තියෙනවා.

ඔබ ඉතා හොදින් පැහැදිලි කළා රාජපක්‍ෂ ආණ්ඩුව අර්බුදයකට ගිහිල්ලා කියලා. නමුත් ඔබ ඒ සමග කියනවා ආණ්ඩුව ස්ථාවරයි කියලා. අර්බුදයකට ගිය ආණ්ඩුවක් ස්ථාවරයි කියන්නෙ කොහොමද?

යුද්ධයෙන් පස්සෙත් ආණ්ඩුව සමග සිටි සමාජ බලවෙග තවමත් ආණ්ඩුව සමග ඉන්නවා. අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනය ගලා ගෙන ආවා. රාජපක්‍ෂ, එත් එක්කම 18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරහා ව්‍යවස්ථානුකූල ඒකාධිපති ගමනකට අවශ්‍ය සැලසුම් සකස් කර ගත්තා. ආණ්ඩුව පදනම් වෙලා ඉන්න සමාජ බලවෙග වලට ආණ්ඩුවට එරෙහිව තවමත් නායකත්වය දෙන්න විපක්‍ෂයට බැරි වෙල තියෙනවා. ඒ වෙනකම් ආණ්ඩුව ස්ථාවරයි. ආණ්ඩුවට එරෙහිව වට වෙන්නෙ නැහැ.. ඊට මුහුණ දිය හැකි තරමෙ ධනපති විකල්ප පක්‍ෂයක්වත් අද නැහැ. ආණ්ඩුව අස්ථාවරයි. නමුත් ආණ්ඩුව ස්ථාවර වන්නෙ සමස්ථ සාධකත් සමග.

රාජපක්‍ෂ ආණ්ඩුව උතුරෙ ජනතාවට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී, යුද අපරාධ සිදු වුණා කියලා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔබෙ පක්‍ෂය රාජපක්‍ෂ ආණ්ඩුවට එල්ල වෙලා තියෙන එම චෝදනා සත්‍යයක් කියලා පිළිගන්නවාද?

පැහැදිලිවම ඔව්. දැන් ඒ චෝදනා සත්‍යයක් කියලා පිළිගන්නවා. රාජපක්‍ෂ, ලංකා ඉතිහාසයේ බිහි වෙචිච ම්ලේච්ඡම නායකයා. ඔහු ගෝත්‍රික නායකයෙක්. මීට පෙර රට පාලනය කළ නායකයන්ට ධනපති සදාචාරයක් තිබුනා. රාජපක්‍ෂට ධනපති සදාචාරය නැහැ. රාජපක්‍ෂ මහා අර්බුදයක් මැද්දෙන් තමන්ගේ ප්‍රතිරූපය හදා ගන්න ලක්‍ෂ ගණන් වියදම් කරනවා. ජීනිවා හරහා තමන්ගේ හාම්පුතුන්ගෙන් මතුවූ විරෝධයට අද රාජපක්‍ෂ මුහුණ දී ගන්න බැරිවෙලා තියෙනවා. වාර්ගික ගැටුම් තියුණුව තිබුණු විශේෂයෙන්ම, වියටිනාමයට වඩා උතුරු හා නැගෙනහිර යුද්ධයේදී රාජපක්‍ෂ ආණ්ඩුව සිවිල් ජනයා ඝාතනය කරලා තියෙනවා. රාජපක්‍ෂගේ ඒ ම්ලේච්ඡ ඉතිහාසය මකා දමන්නට පුඵවන් කමක් ලැබෙන්නෙ නැහැ. රාජපක්‍ෂගේ ජනප්‍රියත්වය වගේ තමයි ඔහුගේ විනාශය සිදු වන්නෙත්. සිය ගනනාවකින් සමාජ තුළ මහ පිරිහීම් ඇති වෙන්න යන්නෙ සුඵ කාලයක්. අද සමාජය නිහඩයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව මහ ජන සංභාරයක් කරන්න රාජපක්‍ෂ ආණ්ඩුවට සහයෝගය දුන් ඇමරිකාව ඇතුඵ බටහිර රටවල් අද යුද්ධයේදීත් යුද අපරාධ සිදු වුණා කියලා චෝදනා කරනවා. විශේෂයෙන් යුද්ධයේදී ආණ්ඩුවට සහයෝගය දුන් ඇමරිකාව සහ ඉන්දියාව. පසුගියදා ජිනීවා පැවැති මානව හිමිකමි කමිටුවෙදී ලංකාවට එරෙහිව පෙරමුණ ගන්නවා. මෙම රටවල් අනුගමනය කරන මෙි පිලිවෙත ඔබ දකින්නෙ කොහොමද?

තමිල්නාඩුව හරහා ඉන්දියන් මධ්‍යම රජයට විශාල බලපෑම් එල්ල වෙනවා. ඇමරිකා ඇතුඵ බටහිර රටවල් වල විශාල දෙමළ භාෂාව කථා කරන ජනතාවක් ජීවත් වෙනවා. ඔවුන් රාජ්‍ය තන්ත්‍රීයය බලවතුන්. දෙමළ ඩයස්පෝරාව කියෙන්නෙ අන්තර්ජාතික ප්‍රග්ධනය සමග සිටින පිරිසක්. ඔවුන්ගේ බලපෑම අධිරාජ්‍යවාදී බලවතුන්ට අපේ රටෙ දෙමළ ජාතික ප්‍රශ්නය විසදීමට ඇත්ත අවංක සදාචාරය උවමනාවක් නැහැ. ඒ අයගේ ආයෝජන ලංකාවට ගෙන ඒම සදහා සාමකාමී ස්ථාවරයක් අවශ්‍යයි. ඉන්දියාව කල්පනා කරන්නේ ඒ පැත්තෙන්. ඉන්දියාව සහ චීනය අතර ආක්‍රමණයක් තියෙනවා ලංකාවෙ වෙළද පොළ සමිබන්ධයෙන් . ඒ නිසා අධිරාජ්‍යවාදී මැදිහත් වීම් වලට වාමාංශිකයන් ලෙස අප විරුද්ධයි. රාජපක්‍ෂ උතුරු හා නැගෙනහිර ජනතාවට එරෙහිව සිදු කළ යුද අපරාධ සහ මානව හිමිකම් කඩ වීම් ගැන ක්‍රියා කළ හැක්කේ. මේ රටේ කම්කරු පීඩිත ජනතාවගේ ශක්තිමත් ව්‍යාපාරයක් ඇතුළේ පමණකි. දෙමළ ඩයස්හෝරාව වගේම සමහර බුද්ධිමතුන් කල්පනා කරනවා අධිරාජ්‍යවාදී බලවතුන් මැදිහත් කර ගෙන රාජපක්‍ෂ දණ ගැස්විය හැකි කියලා. අධිරාජ්‍යවාදී බලවතුන් රාජපක්‍ෂ දන ගස්වන්න මැදිහත් වනවා වගේ ඊ ළග මොහොතේ කම්කරු පංතියට එරෙහිවත් මැදිහත් වෙනවා. දැන් සමාජවාදී පක්‍ෂය විධියට විශ්වාස කරන්නෙ නැහැ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් මැද පෙරදිගට මැදිහත් වුණු ආකාරයට රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව මැදිහත් වෙයි කියලා. ආණ්ඩුව සංහිදියා කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නොදැමුවොත්, අධිරාජ්‍යවාදී බලවතුන් මැදිහත් වී අවසාන වශයෙන් සිදු විය හැක්කෙ රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම පමණකි. එතැනින් ඒ හරහා තමන් කරන එකත් නැහැ. ප්‍රතිසන්ධාන කොමිසමෙ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එරෙහිව ආණ්ඩුව ඇතුලේ සිංහල බෞද්ධ ජාතිවාදී මතයක් වගේම. දෙමළ ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබා දිය කියන පැරැණි වාමාංශිකයන් ගෙන් සමන්විත මතයකුත් තියෙනවා. රාජපක්‍ෂ ආණ්ඩුව කියන්නෙ පරස්පරතාවයන්ගෙන් ග‍හන ආණ්ඩුවක්.

ප්‍රතිසන්ධාන කොමිසමෙි නිර්දේශ වලට එරෙහිව. විමල් වීරවංශලා චමිපික රණවකලා ආණ්ඩුවෙන් එළියට ආවොත්, සජිත් ප්‍රේමදාස කරූ ජයසූරිය වගේ ජාතිකවාදී බල වේගයන් සමග එකතු වෙනවා හැරෙන්න වෙන මාවතක් නැහැ. අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙනවා වගේම දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගත යුතු කියන ස්ථාවරයකින් දැන් ඉන්නවා. නව සමාජ පක්‍ෂය කාලයක් දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය පිළි ගත්තා. නමුත් අද දෙමළ ජනතාව එහෙම දෙයක් ඉල්ලනවාද කියලා අහන තැනට නව සම සමාජ පක්‍ෂය පත් වෙලා. දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගෙන ලබා දෙන විසදුමක් හැර, දෙමළ ජාතික ප්‍රශ්නය විසදීමට වෙනත් විසදුමක් නැහැ. පෙරටුගාමී පක්‍ෂයට දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතීය පිළිගන්නා තැනට එක පාරට එන්න පුඵවන් කමක් නැහැ. මොකද ඔවුන් පදනමිම් වෙලා ඉන්න බල වේග දිහා බැලුවාමනම්. නමුත් ඔවුන් ඉදිරියේදී එම ස්ථාවරයට එයි කියලා අපි විශ්වාස කරනවා.

කම්කරු පංතිය දෙමළ ජනතාවගේ ප්‍රශ්නය හරි විධියට ගත්තොත් පමණක්, කම්කරු පංති ව්‍යාපාරයට දෙමළ ජනයා දිනා ගන්න පුළුවන්. දෙමළ ජාතික සන්ධානය ඉන්දියානු ධනපති පංතිය සමග ගණුදෙනු කරන ලිබරල්වාදී සන්ධානයක්. ඔවුන් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසදුම් සොයන්නෙ. ධනපති සීමාව ඇතුලේ. දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ, අවම වශයෙන් 1/3 ක් ලබා දෙන්න කියලා. දෙමළ ජාතික සන්ධානයේ බලපෑම් ජාතික වශයෙන් එල්ල කරන බලපෑමක් වනවා. ඉන්දීය අර්ධද්වීපය වගේම අන්තර් ජාතික වශයෙන් ආණ්ඩුවට කරන බලපෑමක්.

ජාත්‍යන්තර වශයෙන් රාජපක්‍ෂ ආණ්ඩුවට එල්ල වන යුද අපරාධ චෝදනා වලින් බේරීමට ආණ්ඩුව ප්‍රතිසන්ධාන කොමිසමක් (එල් එල් ආර් සී ) පත් කරනවා. මෙම කොමිසම මගින් ඉදිරිපත් කළ නිර්දේශ ගැන ඔබේ පක්‍ෂයේ ස්ථාවරය කුමක්ද?

එල් එල් ආර් සී එකට යන්න ආණ්ඩුවට සිදු වුණේ අන්තර්ජාතික බලපෑමක් සමග. අද ආණ්ඩුව උභ‍තෝකෝටිකයක ඉන්නවා. ආණ්ඩුව පත් කළ කොමිසමේ නිර්දේශ ආණ්ඩුවටම ක්‍රියාත්මක කරන්න බැරුව. ධනේෂ්වර සීමාව ඇතුළේ ආණ්ඩුවට අවම හෝ ගැලවිල්ලක් තියෙන්නේ එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කිරීම හරහා පමණකි. දැන් හිතන්නෙ නැහැ යුද අපරාධ වලට වගේම දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසදන්න පුඵවන් එක විසදුම කියලා. නමුත් ධනපති සීමාව ඇතුළේ රාජපක්‍ෂ ආණ්ඩුවට පුඵවන්, එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කරලා. ආණ්ඩු වේ පැවැත්ම ආරක්‍ෂා කර ගන්න. ඒක තමයි ජිනීවා සහ අන්තර්ජාතික බලවේග රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නෙ. රාජපක්‍ෂට ඒ සදහා වත් ශක්තියක් තිබෙන බව පේන්න නැහැ. ආණ්ඩු වේ පැවැත්ම රදා පවතින්නෙ සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග මත. ඒ බලවේග ආණ්ඩුවෙන් ගැලවුනොත් ආණ්ඩුව වැටෙනවා.

මීට අවුරුදු තුනකට පෙර සුදු වෑන් ගැන, පැහැර ගෙන ගොස් අතුරුදන් වීම ගැන කථා කළේ උතුරු සහ නැගෙනහිර දෙමළ අම්මලා තාත්තලා. නමුත් යුද්ධය අවසන් වෙලා අවුරුදු තුනකට පස්සෙ දකුණේ සමාජයත් සුදු වෑන් ගැන අතුරුදන් කිරීම් කථා කරන්න පටන් අරගෙන තියෙනවා. ඔබ මෙ තත්ත්වය දකින්නෙ කොහොමද? කවුද මේවා කරන්නෙ ?

රාජපක්‍ෂ ආණ්ඩුව මේවාට වගකිව යුතුයි. උතුරේ යුද්ධයෙන් පස්සේ ආරක්‍ෂක අංශ වල කථාවක් තිබුනා අඩිය අඟලට තලලා තියෙන්නෙ කියලා. උතුරේ සමාජ බලවේග නැවත වසර ගනනාවකට ඇති වෙන්නෙ නැහැ කියලා. රාජපක්‍ෂ ආණ්ඩුව විශ්වාස කරනවා. දකුණේ සමාජය ජීවන බරට එරෙහිව, පඩි ප්‍රශ්න අධ්‍යාපන කප්පාදුවට එරෙහිව පැන නගින අරගල මර්දනය කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛම වැඩෙ කියලා. ආණ්ඩුව යුද්ධය කාලයේ ආරම්භ කළ, මාධ්‍ය මර්ධනය තවමත් අඩු වෙලා නැහැ.

ආණ්ඩුව මාධ්‍ය මුදලාලිලා සහ සියලුම මාධ්‍ය කරුවන් ආණ්ඩුව යටතට අරගෙන තියෙන්නෙ. ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යයකට හෝ මාධ්‍ය කරුවන්ට ආණ්ඩුව ඉන්න දෙන්නෙ නැහැ. රාවය වගේ විකල්ප පුවත්පතක් වුනත්, අද ආණ්ඩුවේ අවශ්‍යතාවය සදහා පෙනී සිටිනවා. ආන්ඩුව අද මාධ්‍ය හොදින් හෝ නරකින් අවනත කර ගෙන තියෙනවා.

සමාජයේ වැදගත් කමක් නැති පාතාල කාරයන් සහ කුඩු ජාවාරම් කාරයන් විනාශ කරන්න අද රාජපක්‍ෂ ආණ්ඩුව සමාජ අවසරය ලබා ගෙන තියෙනවා. ඒ වුනත් ආණ්ඩුවට අද දේශපාලන පක්‍ෂ වල නායකයින් පවා පැහැර ගෙන යන්න පටන් අරගෙක තියෙනවා. උතුරු සහ දකුණ අතර සමගියක් ඇති කරන්න කටයුතු කරපු ලලිත් සහ කුගන් පැහැර ගෙන යනවා. ඔවුත් ජීවතුන් අතර ඉන්නවාද කියලා අපි කවුරුත් දන්නෙ නැහැ.

අද සුදු වෑන් සංස්කෘතිය ආණ්ඩුවට එරෙහි සමාජ බලවේග විනාශ කරන්න පමණක් නොවෙයි. ආණ්ඩුව ඇතුලේ පරස්පරතාවයන් පරාජය කරන්නටත් විශේෂයෙන් කොලොන්නාව ප්‍රදේශීය සභාවේ සභාපති පැහැර ගන්න ආවෙත් සුදු වෑන් එකක්. ආණ්ඩුව ඇතුලේ රාජපක්‍ෂ පිරමීඩයට එරෙහිව ක්‍රියාත්මක වන බලවේග විස්ථාපනය කරන්නත් අද රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කරනවා.

කොළොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ සිද්ධියත්, පෙරටුගාමී පක්‍ෂයේ ප්‍රේම කුමාර්. ඥාණරත්නම්, සහ දිමුතු ආටිගල පැහැර ගෙන යෑමෙ සිද්ධියත් සමග ආණ්ඩුව මොන කථා කියන්න හැදුවත්, සමාජය තුළ තහවුරු වෙලා ඉවරයි. ආණ්ඩුව රහසිගතව පවත්වා ගෙන යන කණ්ඩායම් මෙි පැහැර ගැනීමි සහ අතුරුදන් කිරීම් කරන්නෙ කියලා. අවනත කරගන්න පුඵවන් අය ආණ්ඩුව අවනත කරගන්නවා. ආණ්ඩුවට එරෙහි අනෙක් බලවේග විනාශ කිරීමෙ සැලැසුමකයි ආණ්ඩුව ඉන්නේ. අපි විශ්වාස කරන්නෙ නැහැ මේ සෙල්ලමි මේ විධියට ඉදිරියට කර ගෙන යන්න පුඵවන් කියලා. ඥණරත්නම් සහෝදරයා සහ ආටිගල සහෝදරිය පැහැර ගැනීමත් සමග ආණ්ඩුව අඩියක් පස්සට ගත්තා. ආණ්ඩුව අමු අමුවේ අහු වුණා.ආණ්ඩුවේ නිරුවත ඥාණරත්නම් සහ ආටිගල සිද්ධියත් සමග ජාත්‍යන්තර වශයෙන් පේන්න පටන් ගත්තා. කම්කරු වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා පාරට බහින කොට මේ මර්දනය වෙන ආකාරයකින් කළ එළි බහින්න පුඵවන්.

රාජපක්‍ෂ ආණ්ඩුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බරපතළ අර්බුදයකට ගියත්, ආණ්ඩුවට එරෙහිව බලවෙග පෙළ ගස්වන්න විපක්‍ෂයට බැරි වෙලා තියෙනවා. ධනපති පක්‍ෂ වලට පමණක් නොවෙයි. වාමාංශික පක්‍ෂ වලට පවා අද ඉදිරි දර්ශනයක් නොමැතිව බංකොළොත් තාවයට ඇද වැටිලා තියෙනවා. අහස උසට බඩු මිල ඉහල නගිද්දිත් සමාජ සුභ සාධන කප්පාදු කරද්දීත්. දිනෙන් දින විරැකියා අර්බුදය උත්සන්න වෙද්දීත් රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව පීඩිත, ජනතාව. පෙළ ගස්සන්න බැරි ඇයිද? සුදු වෑන් නිසාද?

ආණ්ඩුවට එරෙහි විකල්ප ව්‍යාපාරය විශේෂයෙන්ම එක්සත් ජාතික පක්‍ෂය වැඩ කරන්නෙ ධනපති සීමාව ඇතුලේ. ධනපති සීමා ඇතුළේ වුවත් සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයකට රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන්නෙ නැති බව ඉතා පැහැදිලි.වික්‍රමසිංහ බලා ගෙන ඉන්නෙ ආණ්ඩුව අර්බුදයකට ගිහිල්ලා කඩා වැටුණාට පස්සෙ බලය ගන්න. සමාජ බලවේග පාරට ගෙන ඒමේ ඉතිහාසයක් එ.ජා.පයට නැහැ. එ.ජා.පයට ඔවුන්ගේ ගතානු ගතික පසුගාමී බලවේග ජීවන වියදමට. බඩු මිල ඉහල යැවීට එරෙහිව පාරට බස්සන්න වැඩ පිළිවෙලක් නැහැ. ජීවන වියදම, බඩු මිල ඉහල යැවීම සහ පැහැර ගැනීමි වලට එරෙහිව ජනතාව පෙළ ගැස්සීමේ දැක්මන් තියෙන්නේ වමට. නමුත් වමට ඒකාබද්ධ වැඩ පිළිවෙලක් නැහැ. පෙරටුගාමී පක්‍ෂය ආරමිභ වීමත් සමග වමේ මධ්‍යස්ථානයක් පිළිබද යමි කථිකාවක් ආරමිභ කරලා තියෙනවා. ජූලි මාසය අවසන් වන්නට පෙර ජන අරගලය නමින් වමේ මධ්‍යස්ථානයක් ආරමිභ වන්නට ඉඩ කඩක් තිබෙනවා. වමේ මධ්‍යස්ථානය ආණ්ඩුවට එරෙහිව පමණක් නොවෙයි. ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික හා දේශපාලන අර්බුදයට විකල්පයත් මේ මගින් ඉදිරිපත් කෙරෙනවා. ශක්තිමත් වමේ ව්‍යාපාරයක් ගොඩ නැගීමයි මෙහි අරමුණ. එවැනි මධ්‍යස්ථානයක් හැදුවොත් නලියන කැකෑරෙන ජනතාව පෙළ ගස්සන තැනකට ගමන් කරන්න පුඵවන් .

රෙජීමය, මරන්න ඕන අය මරනවා. පැහැර ගන්න ඕන අය පැහැර ගන්නවා. අතුරුදන් කරන්න ඔීන අය අතුරුදන් කරනවා. බඩු මිල හිතු මොහොතෙ ඉහල දානවා. නිදන් හාරනවා. රාජපක්‍ෂ රෙජීමය ඔවුන්ට අවශ්‍ය දේ කර ගෙන යනවා. හැබැයි ඒ කිසි දෙයක් නතර කරන්න මේ රටේ විපක්‍ෂයට බැරි වෙලා තියෙනවා. කිවිවොත් ඔබ පිළිගන්නවාද?

රාජපක්‍ෂ රෙජීමයට පළල් බලපැහැමක් කරන්න බැරි වෙලා තියෙන බව අපි පිළි ගන්නවා. නමුත් විශ්‍රාම වැටුපට එරෙහිව වෙළද කලාපේ කම්කරුවෝ ආණ්ඩුව පසු බැස්සුවා. ආණ්ඩුවත් එතෙක් කල් හිතාගෙන හිටියේ ආණ්ඩුව පසු බස්සන්න බැහැ කියලා. ඒකින් පෙන්නුම් කරන්නෙ, ආණ්ඩු පසු බස්සන්න පුඵවන්, මේ රටේ වැඩ කරන ජනතාවට පමණයි කියන එක. නිදහස් වෙළද කලාප නැති වීමට නායකත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා විශ‍්‍රාම වැටුප් පනත ආණ්ඩුව හකුළා ගත්තත් ඒ උද්ඝෝෂණය අඛණ්ඩව ඉදිරියට ගෙන යන ව්‍යාපාරයක් නැහැ. එවැනි සමාජ ව්‍යාපාරයක් ගොඩනැගෙන කම් රාජපක්‍ෂ බලයේ ඉන්නවා. ආණ්ඩුව සබරගමු පළාත් සභාව අවුරුද්දකට කලින් විසුරුවා හැරලා ජිනීවා වලට මුහුණ දෙන්න ආණ්ඩුව ඡන්දයකට යනවා. එ.ජා.ප. ඇතුඵ විපක්‍ෂය අද ඡන්දයකට සූදානම් වෙනවා.

රාජපක්‍ෂ රෙජීමයයේ ඒකාධිපති රාජපක්‍ෂට පස්සෙ බල සම්පන්නම සහ කැපී පෙනෙන පුද්ගලයා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ. ඔහු විටක මේ රටේ නායකයා ලෙසද හැසිරෙති. ආරක්‍ෂක ලේකම්වරයාගේ මේ භූමිකාව ගැන කථා කළොත් ?

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කියන්නෙ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මල්ලී. මේ ආණ්ඩුවෙ සිංහල බෞද්ධ ජාතිවාදීන්ගේ නිල ප‍්‍රකාශකයා ඔහුයි. ජනාධිපති රාජපක්‍ෂ නොසිටියා නම්ගෝඨාභය කෙනෙක් නැහැ. ගෝඨාභය ඉන්නෙ මහින්ද රාජපක්‍ෂ නිසා. ගෝඨාභය කරන සමහර ප‍්‍රකාශ. කැබිනටි මණ්ඩලයේ ඉන්න ඇමතිවරු පවා දන්නෙ නැහැ. එවැනි ස්වාධීන බලයක් ගෝඨාභයට තියෙනවා. කැබිනටි මණ්ඩලය කියන්නෙ අද විහිඵවක්. කැබිනටි මණ්ඩලයේ ඉන්න සමහර පැරැණි වාමාංශිකයෝ බලය බෙදීමක් ගැන කථා කළාට කිසිම දෙයක් වෙන්නෙ නැහැ. ගෝඨාභය ඉන්නෙ චමිපික රණවක සහ විමල් වීරවංශ ඉන්න දේශපාලන අස්ථානයේ. සිංහල බෞද්ධ ආධිපත්‍ය තවදුරටත් මේ රට තුළ තබා ගත යුතුයි කියන ස්ථාවරයේ.

ජ.වි.පෙ. ඉතිහාසයේ ලොකුම පිරිහීම විධියට පෙරටුගාමී පක්‍ෂයේ බිහිවීම හදුන්වන්න පුඵවන්. ජ.වි.පෙ අවස්ථාවාදයට සංශෝධන වාදයට සභාගවාදයට සහ ජාතිවාදයට ඇද වැටීම නිසා පෙරටුගාමී සහෝදරවරු ජ.වි.පෙන් ඉවත් වු බව ප්‍ර කාශ කරනවා. පෙරටුගාමී පක්‍ෂයේ බිහිවීම ඔබ කොයි විධියට දකින්නෙ.

ජනාධිපති රාජපක්‍ෂ බලයට ගෙන ඒමෙන් අපි දැක්කා ජ.වි.පෙ. තමන්ගේ අර්බුදය නිර්මාණය කර ගන්නවා. ජ.වි.පෙ. අර්බුදය තීවුර වන්නෙ, ඒකාධිපති රාජපක්‍ෂ බලයට පත් කර ගැනීමටත් වඩා ෆොන්සේකාට සහාය දැක්වීම නිසා. ජනාධිපති රාජපක්‍ෂට එරෙහිව ජ.වි.පෙ ෆොන්සේකාට සහාය දෙන්නෙ දෙමළ ජනතාව පරාජයකළ වීරයෙක් නිසා. මේ අරගලය ජාතිවාදී අරගලයක් යැයි කිවිව ෆොන්සේකා දිණුවත් ජ.වි.පෙ. පරාද යි. ෆොන්සේකා පරාද වුනත් ජ.වි.පෙ. පරාදයි . අනෙක් වාමාංශික පක්‍ෂ වලට වඩා. ජ.වි.පෙ ගැන අපට තියෙන්නෙ වෙනත් විග්‍රහයක්. ජ.වි.පෙ ජාතිවාදී වගේම ධනපති විරෝධී පක්‍ෂයක් ලෙස සමාජ ගත වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත් එපා වෙචිච ජන කොටස් තමයි ජ.වි.පෙ. ආරෝපනය කර ගන්නෙ. පැරැණි වමෙ පක්‍ෂ ගහපු සන්ධාන වලට වඩා ජ.වි.පෙ. චන්ද‍්‍රිකා කුමාරතුංග සමග ගහපු පරිවාසය හා ජනාධිපති රාජපක්‍ෂ ඇති කර ගත් සන්ධානය වෙනස්. ජ.වි.පෙ. මහජන පෙරමුණු න්‍යාය මත පදනම් වූ සභාග විරෝධී ව්‍යාපාරයක් ලෙස අපට තිබූ විග‍්‍රහයට වඩා වෙනත් ආකාරයකටයි ජ.වි.පෙ. ඔවුන්ගේ මතය එළියට දැමිමෙ.. ඊට එරෙහිව ඇති වූ මතවාදී අරගලයත් සමග ජ.වි.පෙ වෙන් වීම ඇති වන්නෙ. මෙ වෙන්වීමෙ සාධනීය පැත්ත තමයි පංති සහයෝගය මරණීය වරදක්. පැරැණි සමිප‍්‍රදායික බව කර ගන්තාටත් වඩා මරණීය වරදක් ජ.වි.පෙ. කර ගත්තා. ඒ වරද ඉදිරියේදී නොකළ යුතු කියන ස්ථාවරය පෙරටුගාමී පක්‍ෂයේ සහෝදරවරු තදින් මතු කරනවා. ඔවුන් ඉදිරිපත් කළ තිබූ ස්වයං විවෙචනයෙන් එය දකින්න තියෙනවා. ජ.වි.පෙ යේ පුපුරා යෑම -අඩුපාඩු සහිතව වුනත්. වමට ගමන් කිරීමක් විධියටයි අපි දකින්නෙ. මෙ පුපුරා යෑම දක්‍ෂිණාංශය ශක්තිමත් වුණා වගේ වමට විශාල වාසියක් වුනා. සමාජවාදී පක්‍ෂය ලෙස ඇති කුඩා කණ්ඩායමක් වුනත් අපට විශාල වගකීමක් තියෙනවා ඔවුන් නිවැරැදි මාවතට ගැනීමට. නව සම සමාජ පක්‍ෂය හා එක්සත් සමාජවාදී පක්‍ෂය එකට වෙලා වමෙ වෙදිකා වටෙ ඉන්නවා. රනිල් වි ක්‍රමසිංහ සමග ධනපති වෙදිකාවෙත් ඉන්නවා. පෙරටුගාමී සහෝදරවරුන් අතර ඔවුන් ගැන ව්‍යාකුලත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. වම කරන වැරැදි නිසා පෙරටුගාමී පක්‍ෂය. නිවැරදි මාවතට ගන්න තියෙන අවස්ථාව අහිමි කර ගන්නවා.

අතීතයේ වමෙ පක්‍ෂ ජ.වි.පෙ. සමග විවිධ සාකචිඡ ආරම්භ කරලා තියෙනවා. 1998 ජ.වි.පෙ. නන්දන ගුණතිලක වමෙ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූයෙත් වමේ සන්ධානයකින්, වම ජ.වි.පෙ. සමග සාකචිඡ කළ හැම අවස්ථාවක කිවිවෙ ජ.වි.පෙ. වමට ගන්න පුඵවන් කියලා. මම කියනවා පෙරටුගාමී පක්‍ෂය කියන්නෙ තවමත් ජ.වි.පෙ. ම කියලා. ඔබ මොකද කියන්නෙ ?

අපි ජ.වි.පෙ. 1998 සාකචිඡාවක් ආරම්භ කළ බව ඇත්ත. අපට ජ.වි.පෙ. සමග එකග විය හැකි කරුණු උඩ තමයි ඒ සාකචිඡාව ආරමිභ කළේ. නමුත් ඒ සාකචිඡා අතර එය බිද වැටුනා. ඔබ කිවිව විධියට ඒක තමා ඇත්ත. ඇත්තටම පෙරටුගාමී සමාජ පක්‍ෂය කියන්නෙ පැරැණි ජ.වි.පෙ. නොවෙයි. පෙරටුගාමී පක්‍ෂය කියන්නෙ අලුත් කියලා සමහර සමාජවාදී පක්‍ෂය කියන්නෙ. අපි එහෙම කියන්නෙ නැහැ. ජ.වි.පෙ. ඔවුන්ගේ ලියවිලි වල කවදාවත් අනෙක් වමෙ පක්‍ෂ වම විධියට හැදින් වූයේ නැහැ. නමුත් පෙරටුගාමී පක්‍ෂ ඔවුන්ගේ ලියවිලි වල අනෙක් වමෙ පක්‍ෂ. වම විධියට පිළිඅරගෙන තියෙනවා. අපි ජ.වි.පෙ. සහ පෙරටුගාමී පක්‍ෂය අතර දකින විශේෂත්වය ඒකයි. ඒ පමණක් නොවෙයි. ඔවුන්ගේ ස්වයං විවෙචනය පිළිබදව විවෙචනය පෙරටුගාමී පක්‍ෂයේ නිල පුවත් පත වන ජන රළ පුවත් පතේ ඵල කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඉතා ප්‍රජාතන්ත‍්‍රවාදී පුඵල් සාකචිඡාවකට පෙරටුගාමී පක්‍ෂය දොරකට විවෘත කරලා තියෙනවා. ජ.වි.පෙ. රෝහණ විජෙවීර ඉන්න කාළේ සමාජවාදී විප්ලවයේ අවධි දෙකක් කථා කළා. ප්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ සහ සමාජවාදී විප්ලවය කියලා.

පෙරටුගාමී සහෝදරවරු විජෙවීරගේ විප්ලවය පිළිබදව ඒ ස්ථාවරය අද පිළිගන්නෙ නැහැ. ඔවුන් ලියොන් ට්‍රොව්ස්තිගේ නොනවතින විප්ලවය පිළිබද න්‍යාය ගැන කථා නොකළත් ධනපති ක්‍රමය තුළ විශේෂයෙන්ම. පසුගාමී ධනපති සමාජ ක්‍රමයක් තුළ නොවිසදුණු ප්‍රජාතන්ත්‍රවාදී කර්ත්‍යවයන් අවසාන වශයෙන් විසදා ගත හැක්කේ සමාජවාදී විප්ලවය තුළ පමණයි කියන අදහස අද පෙරටුගාමී සහෝදරවරු කියන්න පටන් අරගෙන තියෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක සහෝදර වන ස්ටැලින් වාදය සහ මාඔීවාදය නිල වශයෙන් නිර්මාක්ස්වාදී කියලා කියන්න පටන් අරගෙන තියෙනවා. ජ.වි.පෙ. කවදාවත් එවැනි න්‍යතික තලයකට ගමන් කළේ නැහැ. පෙරටුගාමී පක්‍ෂය වුනත් තවදුරටත් පරීක්‍ෂාවට ලක් වන්නේ ඔවුන්ගේ භාවිතා තුළ.

ජනරාල් සරත් ෆොන්සේකාව රාජපක්‍ෂ රෙජීමය මගින් බොරු චෝදනා දාලා සිරගත කළා. පස්සේ රාජපක්‍ෂ රෙජීමය මගින් නිදහස් කරනවා. ෆොන්සේකාගේ අනාගත දේශපාලන භූමිකාව ගැන කථා කළොත් ?

ෆොන්සේකා කියන්නේ ධනපති නියෝජිතයෙක් . ඔහු ලංකාවෙ හිටපු හමුදාපතිවරයෙක්, ෆොන්සේකා හිතන්නෙ පතන්නෙ ඒය පදනම් වෙලා සිටින පංතිය මත පදනම් වෙලා. අන්තිම වශයෙන් ෆොන්සේකා මෙ පවතින ක්‍රමය ආරක්‍ෂා කිරීම සදහා කටයුතු කරන කෙනෙක්. පවතින ක්‍රමය දූෂණ අවම කරලා කළමණාකරනය කරන්න පුඵවන් පුද්ගලයෙක්. ඔහු සිරගත වෙලා හිටපු කාලය තුළ ෆොන්සේකා ජාතික ප්‍රශ්න ගැන කථා කළේ නැහැ. ඔහු ලලිත් කුගන් ප්‍රශ්නය ගත්තේ නැහැ. ෆොන්සේකා කථා කළේ ප්‍රදේශීය දේවල්. ඔහු රාජපක්‍ෂට එරෙහිව කරපු අරගලය අවසාන කාලයේ බාල වෙලා තිබුණේ. ෆොන්සේකා රාජපක්‍ෂ රෙජීමය සමග ප්‍ර තිපත්ති පිළිබද ප්‍රශ්නයක් නැහැ. ඔහුව නිදහස් කර ගත්තෙ රාජපක්‍ෂ ආණ්ඩුව සමග සිටින ටිරාන් අලස් වැනි අතර මැදියෙක්.

ෆොන්සේකා ආණ්ඩු පක්‍ෂයේ වගේම විපක්‍ෂයේත් කකුළ තියාගෙන ඉන්නවා. ෆොන්සේකාගේ විශේෂත්වය තමා ඔහුට මතවාදයක් නැහැ. අඩුම තරමෙ. ෆොන්සේකා ධනපති මතවාදය ගැනවත් අවබෝධයක් නැහැ. අපි ඒ ගැන පුදුම විය යුතු නැහැ.

ජ.වි.පෙ. ප්‍ර මුඛත්වයෙන් ආරමිභ කළ අධිරාජ්‍ය විරෝධී පෙරමුණේ අනාගත දේශපාලන ගමන් මග ගැන කථා කළොත් ?

අධිරාජ්‍යවාදී පෙරමුණ ජ.වි.පෙ. 1988. 89 හදපු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සමානයි. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ අන්තර්ගතව තිබුණු සියලුම ලක්‍ෂණ අධිරාජ්‍ය විරෝධී පෙරමුණේ තියෙනවා. දෙමළ ජනතාවගේ මොන යම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් විසදනවාට මෙ පෙරමුණ විරුද්ධයි. එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා අද අධිරාජ්‍යවාදී බලවතුන් ආණ්ඩුවට බලපෑමි දානවා. අධිරාජ්‍යවාදී බලවතුන් ලංකාවට දමන බලපෑමි නතර කරන්නයි. මෙ පෙරමුණ ගොඩ නැගෙන්නෙ..

-ශාන්ත විජේසූරිය –

Discussion

No comments yet.

Leave a comment